Sri Lanka X News

Switch to desktop Register Login

නොරොච්චෝලේ සවුදමට යටින් යල් පැනගිය උපකරණ

Rate this item
(1 Vote)

Norocholeනොරොච්චෝලේ බලාගාරයේ දෙවැනි හා තෙවැනි අදියරේ ඉදිකිරීම් සඳහා අයෝජනය කර ඇති යන්ත‍්‍ර සූත‍්‍ර යල් පැනගිය තාක්‍ෂණයෙන් යුතු බවට තහවුරු වී තිබේ. මෙලෙස ආනයනය කර ඇති යන්ත‍්‍ර සුත‍්‍ර 1956 වසරේ චීනයේ ගල්අගුරු බලාගාරවල යොදා ගනු ලැබූ ඒවා බව හෙළි වී ඇත.

පසුගිය නොවැම්බර් 27 වනදා සිදු වූ ගෑස් කාන්දුවක් නිසා එම බලාගාරයේ ගින්නක්ද හට ගැනිනි. දිනකට මෙගා වොට් 300 ක විදුලි ධාරාවක් සැපයූ මෙම බලාගාරය අකී‍්‍රය වීම නිසා විදුලි මණ්ඩලයේ පාඩුව දිනකට රුපියල් ලක්‍ෂ 80 ක් බව විෂය භාර අමාත්‍ය චම්පික රණවක මහතාද පසුගියදා පවසා තිබිණි.

පළමු අදියරේ අලූත් වැඩියාවෙන් පසු නැවත වරින් වර ගෑස් කාන්දුව සිදුවෙමින් පවතින අතර, ඉදිරියේදී ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 300 ක් ලබාදීම දැඩි අවධානමක් පවතින බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරු පවසති.

පළමු අදියරේ තාක්‍ෂණික දෝෂ සම්බන්ධයෙන් අමාත්‍යංශ බලධාරීන් චීන සමාගමට චෝදනා කරමින් සිටින අතර, මෙම ගැටලූවට මූලික හේතුව යල් පැනගිය තාක්‍ෂණය බව මේ වනවිට තහවුරු වී ඇත. මෙම පැරණි උපකරණ යොදා ගැනීම හේතුවෙන් ගල්අගුරු දහනයේදී පරිසරයට මුදා හැරෙන දූවිලි අංශු උරා ගැනීම සඳහා ඇති උපකරණ අකී‍්‍රය වී තිබේ. මේ හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදු වෙමින් පවතින අතර, සේවකයින්ගේ හා ප‍්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වයද දැඩි තර්ජනයකට ලක් වී ඇත.


- ජනරළ